Friday, June 19, 2020

දූවිලි ඇල්ල සොයා ගිය ගමන

2020/16/19 දවස උදෑසන 6 පසු වී විනාඩි 15 ගිය පසු දුරකථන නාද විය. එ මගේ යහලුවකි. නමින් විපුල. සියල්ල සූදානම්. ලොකු බෑගයක්, කැමරා, පරිගණක සහ තවත් උපකරණ කීපයක් සමග වාහනය ගොඩ විය. මගේ බිරිදගේ නළල සිබ හිස අත ගා යම් මුදලක් අත මිටමොලවා වාහනයට ගොඩ විය. ව්‍යාපාර කටයුතු ගැන කථා බහ පටන් ගත් අපි අවසන් වූ නොළුව සුපුන්ගේ නිවස ඉදිරි පිටදීය. වෙලාව උදෑසන 8.30 පමණ විය. උණුසුම් පිළිගැනීමක් ගෙදර උදවියගෙන් මෙන්ම හැමොටම කලින් ලකියා දැන ගත්තේ අපි පැමිණි බවය.

මේසය මත හතරැස්ව කැපූ කිරිබත් පිගානකි. ඊට එහැයින් සැමන් මාලු සමග ලූණ සම්බෝලයක් විය. අපි උදෑසන ආහාරය බඩ පුරවා ගන්නවාට වඩා සුපුන්ගේ අම්මගේ කිරිබත් වල රස බැලීය. මමත් විපුලත් සුපුන් සමග වත්ත පහල දොල අසලට ගියේ ඉදිරි සැලසුමක් සකස් කිරීමය. එ වෙන විටත් කූඩෑල්ලන් කීපදෙනක්ගේ ප්‍රහාරයට අපිව ලක් වී තිබුණි. සුපුන්ගේ මාමා කිව්වේ කූඩැල්ලන් සිටින පරිසරය මිනිස් ජීවිතය සුදුසු පරිසරයක් බවයි.

ඇදුම් මාරු කර ගත් අපි මිදුලට බැසේ දුවිලි කොමලි බැලීමට යෑමේ අරමුණිනි.  සුක්කානම අතට ගත් මම වාහනය පන ගැන්විය. මමත් එක්ක හතර දෙනෙකි. සුපුන්ගේ මාමා ගමන එක් වී අපිට මහත් හයියක් විය. ශරීර ශක්තිය හෙබි ඔවු වයසට ගිය බවත් පෙනෙන්නට තිබුණේ නැත. නෙළුව සිට ලංකාගම පාරේ ඉදිරියට වාහානය ඇදෙන්නට විය. කිලෝ මීටර 7 පහණ ගිය විට වාහානය නතර කෙරෙනි. පලමක් අලුතින් ඉදි කරන බවක් අපිට වැටහුණි. එතැනින් ගොඩ උණු අපි අසල පිහිටි කඩයකින් ඥානකතා (බිස්කට්) හතර ගෙන බෑගයට දමා ගත්තේය.

අද වහින්නේ නැත. හිංචි මහත්මා ප්‍රකාශ කලේය. ඔහුට එය ඉතා විශ්වාසනීයව කිව හැකි විය. අපි එනකොට තලගොයි 2 න් නෙක්ම පාර මාරු විය. ඔවුන් එලිය බහන්නේ වැස්ස නැති වෙලාවට බව ඔහු අපිට කීය.

එතැන් සිට අපි දෑස් ඉතා ලොබ කමක් ගත්තේය. වම් පැත්තෙන් ගලා හැලේන දූවිලි ඇල්ල අපිව ප්‍රබොදමත් කලේය. මීටර 200-300 ඇයත් සමග ඉහල නගින්න විය. කොටස් කීපයකින් සමන් විත වූ ඇයගේ සුන්දරත්වය විදින්මින් අපි ඉහලට ගමන් කලේය. අවට වූ හිස් බියර් ටින් කීපයක් විපුල අහුලා ගත්තේ පරිසරය ගැන මහත් හැගීමෙනි. සිසිල් වතුර පැන නෑමට හිතුනේ විපලටය. ඉන් පසු මමත් සුපුන් ඔහුට එක් විය. ගල්පාඩි (මාළු වර්ගයක්) අපගේ ශරීරය පිරිසිදු කරන්න විය.

දූවිලි ඇල්ල විඩියෝව නරබන්න.

















































No comments:

Post a Comment

ශ්‍රවණාබාධ හදුනා ගැනීම. ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්; ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා ...