නීති ගරුක පුරුවැසියෙක් වෙමු
අද මම කියන්න යන්නේ සුවිශේෂී කාරණාවක්. මීට මාස කීපයකට පෙර මගේ පියා අසනීප වුනා. දවස් කීපයක් රෝහල් ගතව සිටීමට සිදුවුනා. මමත් ඔහුත් එකක් කාලය ගත කලා. විවිධ අපහසු තාවයන් ඉහදී මුහුණ දෙන්න වුනා. පළමුව දින කීපයම මුඛ ආවරණ පැලදීමට සිදු වුනා. රෝහලේ නීතියක් එක. ලෙඩාත් අසල සිටින්නාත් මූඛ ආවරණ පැලදීම රෝහල් නීතියක්. බොහෝ දෙනා නීතිය කඩ අතර වෙෙද්‍ය වරයෙක් හෝ නිළධාරියෙක් එන විට විතර පැළදීම සියලුම දෙනා හොදින් පුහුණු වී තිබිණා. මගේ හිත එයට ඉඩ දුන්නේ නෑ. මන්ද මම නීති කැඩීමට අකමැති නිසා. එ විතරක් නෙමෙයි ජංගම දුරකථාන අරාේපන කිරීම තහනම් රෝහල් වල ඇති ස්විච තුලින්. බොහෝ දෙනා කාටත් හොරෙන් තම ජංගම දුරකථාන අරෝපනය කර ගත්තා. මම සෑහෙන අපහසුතාවයක් පත් වන්න වුනේ මගේ දුරකථාන ආරෝපන කර ගැනීමට නොහැකි නිසයි. මගේ මිතුරකුගේ බිරිද එම රෝහල් වැඩ කලත් ඇයගෙන් උදව් ගැනීමට මගේ හිත ඉඩ දුන්නේ නෑ. සාමාන්‍ය මිනිසුන් මෙන්ම පොලිම් වල ඉදල කාල ගත කරමින් බෙහෙත් ගැනීමට සිදු වුනා. මට පුලුවන් කමක් තිබුණත් පෝලිමේ නොසිට ඇය ලබා බෙහොත් ලබා ගැනීමට නීති කැඩීමට මට කල නොහැකි කාරණයක් වුනා.
විශ්ව නීතිය වැනි නීති අපි ප්‍රයෝජනයට ගන්නවා නම් අපි නීති ගරුක පුරවැසියෙක් විය යුතුය. නීති රටින් රට වෙනස් වෙනවා. ආයතනෙයන් ආයතනයට වෙනස් වෙනවා. පාළාතෙන් පළාතට ගමෙන් ගමට වෙනස් විය හැකියි. සෑම නීතියක්ම පිළිපැදීම අපි කල යුතුයි. එවිට රට ලස්සන වෙනාවා. සංවර්ධනය වෙනවා. අපි බලමු කොහාෙමද වෙන්න කියලා. සෑම කෙනෙක්ම සුදු ඉරෙන් පැන්නොත්, බීමත්ව රිය ධාවනය නොකළත්, මාර්ග නීති පිළිපැද්දෝත්, දුරකථනය කනේ ගහගෙන් වාහනය ධාවනය නොකළෙත් රටේ රිය අනතුරු සංඛ්‍යාව බිංදුවක් කල හැක නොවේද? කොපමණ මුදලක් කාලයක් ඉතිරි වේද? රට සමගි වෙයි. අරවුල් අඩු වෙයි. ඉවසීම මිනිසුන් පුරුදු වෙයි. සැමට සාධාරයණයක් සිදු වෙයි.
රීති කියන්නේ වෙනම අර්ථයකි. රීති කැඩීම දඩුවන් නොළබන කාරණාවක්. අපි හිතමු ගෙදර පිගාන තැබැය යුතු තැන නොතබා වෙනත් තැනක තැබීම. එය උසාවියකින් වැරදි කරුවෙකු වෙන්නේ නෑ. හැබැයි ඔබ රීතියක් කඩල. මම කියන්නේ නීති මෙන්ම රීතිද නොකැඩිය යුතුයි කියාලා. මම මවුනා පවුලා ආරාධානා කරනවා මේ ලිපිය කියවූ දා වන අද පටන් නීති ගරුක පුරවැසියෙන් වෙන ලෙස. විශ්ව ශක්තියේ උපරිම ඵල නෙලා ගැනීමට ඔබට හැකිවේවි. අනික් අය කුමක් කෙරුවත් ඔබ නිවැරදි විය යුතුය. දවසින් දවස අපි හැදෙමු රට හදමු.
අපි එක්ක එකතු වෙන්න Telegram Group එක මෙන්න
අපේ Whatsapp Group එක
අපේ පසු ගිය මවුනා පාඩම් පිළිවෙලට බලන්න.
No comments:
Post a Comment