Saturday, June 27, 2020

අර්ථ මූණ මවුනා - 6 වන කොටස (පැලයක් සිටවමු)

ඉතිං මම අද කියන්න යන්නේ හරි ප්‍රබල ක්‍රම වේදයක්. විශ්වයත් එකක් කථා කරන්න පුලුවන්. ස්භාදහම කියන්න විශ්වයම තමයි. හරි පුදුමයි මට මාස 6 සාර්ථක වෙන්න පුලුවන් වුනා. ඔයාටත් පුදුම හිතෙතයි. ඔයා මුලින්ම ඔයාගේ ඉලක්ක හදුනා ගන්න. ඉන් මාස 6 ක පමණ කාලයක් තුල ඉටු කර ගැනීමට සුදුසු ඉල්ක්ක තොරා ගන්න.

දැන් අපි සුදුසු පැලයක් තෝරා ගන්න. මගේ අදහස නම් ඵලදාව හැදෙන පළතුරු ශාකයක් නම් හොදයි. ඇබැරැල්ල, වෙරළු, කාමරන්කා වගේ එවා මාස 6 යන කොට ගෙඩි එන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් වත්තේ තියන ඵලදාව නැති ගහක් වුනත් කමක් නෑ. ඔයාට ඵලදාව ගන්න පුලුවන් මේ ක්‍රමයට. ඉස්සර අපේ ගෙදර අලි පේර ගහක් තිබුනා. අතු 4-5 එක දිසාවට පැතිරිලා තිබුණා. ගෙදර බර වුන අත්තේ අත්තර දරා ගන්න බැරි විදිහිර අලි පේර හැදෙනවා. බාල්දි ගනන් මම කඩන්නේ වහලෙට නැගලා. මම බැලුවයි ඇයි එහෙම වෙන්නේ කියලා. එක අපේ ගෙදාර විතරක් නෙවෙයි. බොහො ගෙවල් වල වහලේට බර වුණු ගස් වල ඵලදාව වැඩියි. මම තීරණය කලා නිවසේ කට හඩ ඇසෙන විට එයාලා ඵලදාව වැඩි පුර දෙනවා කියලා. එහෙනම් අපි ගස් වලත් එක්ක කථා කරන කොටත් ඵලදාව වැඩි කරන්න පුලුවන්. ගස් සංවේදීයි. එකට මම උදාහරණ දෙන්න පුලුවන්. මා ගව තියන අරුම පුදුම පැලයක්. මම කථා කරන කොට එයාගේ කුඩා පත්‍ර නටන්න පටන් ගන්නවා. එයාට කියන්නේ ප්‍රාණජීව කියලා. එ ගැන කරපු විඩියෝවක් මම පහත දාන්නම්.

ප්‍රාණජීව ශාකය- කථා කරනකොට නටනවා


ප්‍රාණජීව / Codariocalyx motorius /Dancing Plant

ඉතින් ඔයා තොර ගත්ත ගස පොච්චියක හෝ වත්තේ හිටවන්න. ඔබට නරන්තර ගැටෙන තැනක. කටු ශාක හිටවන්න එපා. පතොක්, බෝගම්නිලා වැනි ශාක ගෙවල් ඉස්සර හිටවන්න හොද නෑ කියන එක මම අහල තියනවා. කොහොම උනත් ඔයාට නිරන්තරයෙන් දකින්න පුලුවන් තැනක හිටවන්න. ගේ ඉස්සරහමනම් හොදයි. ගමනක් යනකොට උනත් එයාට කථා කරල යන්න පුලුවන්.

දැන් උදෙන් අවධි වෙලා වතුර එකක් බීලා කට හොදල අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු කරල ඔයා යන්න ඔයාගේ ගහ ගාවට. ගහ සමග කථා කරන්න. වතුර දාන්න. අාදරය කරන්න. වල් ගලවන්න. අත ගාන්න.

ඔයා හරි ලස්සනයි. හැඩයි. මම ඔයාට කැමතියි. ඔයාගේ ඵලදාව එනව කියන්නේ මට හරි ගිහිල්ල. යන අදහස් එන මිහිරි වචන කියන්න. මමට මතකයි මම පුංචි කලේ කරපු දෙයක්. එක ගහක් අල්ලල මුත්‍රා කරනවා මැරෙන්න කියනා. වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා එ ගහ මැරෙනවා. ඉතින් දැන් මුත්‍රා කරන්න ඔනි නෑ. අමිහිරි වචන කියමින් ගසකට බැන වැදුනොත් එ ගහ මැරෙන බව මම දන්නවා. ඉතින් මේ ගහට කථා කරනව වගේ ඔයාට හමුවන සියලු දෙනාටත් කථා කරන්න. මේක මගේ සාර්ථකත්වයේ තවත් රහසක්. අපේ මවුනා ගෘප්එකට ඔයා හිටවපු ගහේ චාජාරූපයක් දාන්න. පුලුවන්නම් හැම දාම දාන්න. දකින්න දියුණුව. ඔයාගේ අදහස් දාන්න අමතක කරන්න එපා.

ලගම හිතවතා - ගසක් සිටවමු

අපි එක්ක එකතු වෙන්න Telegram Group එක මෙන්න

අපේ Whatsapp Group එක

අපේ පසු ගිය මවුනා පාඩම් පිළිවෙලට බලන්න.













Friday, June 19, 2020

අර්ථ මූණ මවුනා - 5 වන කොටස (Dream Board එක හදමු.)

කොළයක් සහ පෑනක් ගෙන ඉදිරි අනාගතයේ කල යුතු දේවල් 20 ක් ලැයිස්තු ගත කරන්න. ඔබ විසින් ලෝකයා වෙනුවෙන් යමක් කල යුතුනම්, රට වෙනුවෙන් යමක් කල යුතු නම්, නගරය වෙනුවෙන්, ගම වෙනුවෙන්, පාසල වෙනුවෙන් කල යුතු යුතුකම් සටහන් කරන්න. උදාරහරණ ලෙස ලොක වාසීන්ගේ දුප්පත් කම තුරන් කිරීමට ඔබ කරන වැඩ, ඔබේ පාසලට දෙමහල් ගොඩ නැගිල්ලක් සදා දීම, ගමට පුස්ථකාලයක් සාදා දීම, දිලිදු පවුල් 10 තොරා ගෙවල් 10ක් සදා දීම වැනි දේවල් සටහන් කල හැක.

එමෙන්ම ඔබ වෙනුවෙන් කල යුතු වැඩ, නිවස, විවාහය, වාහනය, අධ්‍යාපනය වැනි දෙවල් මෙන්ම දෙමාපියන්ට සහොදරයන් නෑදෑයන් වෙනුවෙන් යමක් කල යුතුන්ම ඒ්වාද සහන් කරන්න.

එමෙන්ම මුදල් වැයවෙන මෙනම මුදල් වැය නොවන කරනා ද සටහන් කල හැක. උදාහරණයක් ලෙස ඔබේ අධ්‍යාපමික තත්වය දියුණු කර ගැනීම, දෙමාපියන්ට සැලකීම, දුසිරිතෙන් වැලකී සිටීම වැනි කරනුය.

දැන් ඔබ ලියා ගත් කරුණු 20 ට සුදුසු පිංතූර කපා ගන්න. එය අවුරැදු 4 ක හේ 5 සැලස්මක් මත සුදු බොඩ් එකක අලවා ගන්න. ඉන්පසු ඔබේ කාමරයේ නිරන්තර පෙනෙන තෙනක බිත්තියේ අලවා ගන්න. රාමු කර තබා ගන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. ඔබට මෙය සකසා ගැනීමට අපහසුනම් ඒ සදහා දවසක වැඩ මුලුවකට සහභාගී විය හැකි අතර පහත දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැක.







දූවිලි ඇල්ල සොයා ගිය ගමන

2020/16/19 දවස උදෑසන 6 පසු වී විනාඩි 15 ගිය පසු දුරකථන නාද විය. එ මගේ යහලුවකි. නමින් විපුල. සියල්ල සූදානම්. ලොකු බෑගයක්, කැමරා, පරිගණක සහ තවත් උපකරණ කීපයක් සමග වාහනය ගොඩ විය. මගේ බිරිදගේ නළල සිබ හිස අත ගා යම් මුදලක් අත මිටමොලවා වාහනයට ගොඩ විය. ව්‍යාපාර කටයුතු ගැන කථා බහ පටන් ගත් අපි අවසන් වූ නොළුව සුපුන්ගේ නිවස ඉදිරි පිටදීය. වෙලාව උදෑසන 8.30 පමණ විය. උණුසුම් පිළිගැනීමක් ගෙදර උදවියගෙන් මෙන්ම හැමොටම කලින් ලකියා දැන ගත්තේ අපි පැමිණි බවය.

මේසය මත හතරැස්ව කැපූ කිරිබත් පිගානකි. ඊට එහැයින් සැමන් මාලු සමග ලූණ සම්බෝලයක් විය. අපි උදෑසන ආහාරය බඩ පුරවා ගන්නවාට වඩා සුපුන්ගේ අම්මගේ කිරිබත් වල රස බැලීය. මමත් විපුලත් සුපුන් සමග වත්ත පහල දොල අසලට ගියේ ඉදිරි සැලසුමක් සකස් කිරීමය. එ වෙන විටත් කූඩෑල්ලන් කීපදෙනක්ගේ ප්‍රහාරයට අපිව ලක් වී තිබුණි. සුපුන්ගේ මාමා කිව්වේ කූඩැල්ලන් සිටින පරිසරය මිනිස් ජීවිතය සුදුසු පරිසරයක් බවයි.

ඇදුම් මාරු කර ගත් අපි මිදුලට බැසේ දුවිලි කොමලි බැලීමට යෑමේ අරමුණිනි.  සුක්කානම අතට ගත් මම වාහනය පන ගැන්විය. මමත් එක්ක හතර දෙනෙකි. සුපුන්ගේ මාමා ගමන එක් වී අපිට මහත් හයියක් විය. ශරීර ශක්තිය හෙබි ඔවු වයසට ගිය බවත් පෙනෙන්නට තිබුණේ නැත. නෙළුව සිට ලංකාගම පාරේ ඉදිරියට වාහානය ඇදෙන්නට විය. කිලෝ මීටර 7 පහණ ගිය විට වාහානය නතර කෙරෙනි. පලමක් අලුතින් ඉදි කරන බවක් අපිට වැටහුණි. එතැනින් ගොඩ උණු අපි අසල පිහිටි කඩයකින් ඥානකතා (බිස්කට්) හතර ගෙන බෑගයට දමා ගත්තේය.

අද වහින්නේ නැත. හිංචි මහත්මා ප්‍රකාශ කලේය. ඔහුට එය ඉතා විශ්වාසනීයව කිව හැකි විය. අපි එනකොට තලගොයි 2 න් නෙක්ම පාර මාරු විය. ඔවුන් එලිය බහන්නේ වැස්ස නැති වෙලාවට බව ඔහු අපිට කීය.

එතැන් සිට අපි දෑස් ඉතා ලොබ කමක් ගත්තේය. වම් පැත්තෙන් ගලා හැලේන දූවිලි ඇල්ල අපිව ප්‍රබොදමත් කලේය. මීටර 200-300 ඇයත් සමග ඉහල නගින්න විය. කොටස් කීපයකින් සමන් විත වූ ඇයගේ සුන්දරත්වය විදින්මින් අපි ඉහලට ගමන් කලේය. අවට වූ හිස් බියර් ටින් කීපයක් විපුල අහුලා ගත්තේ පරිසරය ගැන මහත් හැගීමෙනි. සිසිල් වතුර පැන නෑමට හිතුනේ විපලටය. ඉන් පසු මමත් සුපුන් ඔහුට එක් විය. ගල්පාඩි (මාළු වර්ගයක්) අපගේ ශරීරය පිරිසිදු කරන්න විය.

දූවිලි ඇල්ල විඩියෝව නරබන්න.

















































ශ්‍රවණාබාධ හදුනා ගැනීම. ඔබ යමෙක් පවසන දේ නැවත නැවත අසයි නම්; ඔබ රෑපවාහිනී නරඹන විට හෝ ගුවන් විදුලියට සවන් දෙන විට එහි ශබ්දය අනෙකුත් අයට වඩා ...